ප්‍රංශය සහ ස්පාඤ්ඤ උෂ්ණත්වය හේතුවෙන් ජනතාව සිසිල පතා ‌මුහුදු තීරයන් වෙත

October 28, 2022 - 3:11 PM

ප්‍රංශය සහ ස්පාඤ්ඤ උෂ්ණත්වය හේතුවෙන් ජනතාව සිසිල පතා ‌මුහුදු තීරයන් වෙත | විදේශීය පුවත්

ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ සමහර ප්‍රදේශ අසාමාන්‍ය ලෙස උණුසුම් වීම හේතුවෙන් ‌බොහෝ ජනතාව මුහුදු වෙරළ සහ ජල තටාක තුල දිගු කාලයක් ගතකරන බව ‌විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉදිරි දින කිහිපය තුළ ස්පාඤ්ඤයේ - මලගා ප්‍රදේශය සඳහා සෙල්සියස් අංශක 24 ක පමණ උෂ්ණත්වයක් අපේකෂා කරන බවට මත පලකරනවා.

පසුගිය දින 10 තුළ ප්‍රංශයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා අංශක පහේ සිට හය දක්වා වැඩි වූ බවටද වාර්තා පලවුණා.

තිරසාර සංවර්ධනය සඳහා වූ ප්‍රංශ ජාතික පර්යේෂණ ආයතනයේ දේශගුණ විද්‍යාඥයෙකු වන Françoise Vimeux පැවසුවේ මෙම තත්ත්වය දේශගුණික විපර්යාසවලට හේතු විය හැකි බවයි.

මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස හේතුවෙන් පරිසර උෂ්ණත්වයේ මෙම වෙනස දිගු කාලයක් පවතින බවට ලෝක පරිසර සංවිධාන මත පලකරනවා.

පසුගිය සියවස් දෙක තුල සෙල්සියස් අංශක 1.1 කින් පමණ ‌ලොව සාමාන්‍ය උෂ්ණත්වය ඉ‌හළ ගොස් ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment