බිරිඳට එල්ල කළ පිහි පහර වැරදී පුතුට මරු කැඳවයි - පියා රටම දන්න සංගීත කණ්ඩායමක සාමාජිකයෙක්

October 28, 2022 - 9:01 PM

බිරිඳට එල්ල කළ පිහි පහර වැරදී පුතුට මරු කැඳවයි - පියා රටම දන්න සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් | දේශීය පුවත්

වරල්ල උවරගල ප්‍රදේශයේ නිවසක අඹු සැමියන් අතර ඇති වු ආරවුලක දී පිහි ප්‍රහාරයකට ලක් වීමෙන් 09 හැවිරිදි කුඩා දරුවකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත් වූයේ මොරවක වැලිව විද්‍යාලයේ 05 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සදෙව් මෙත්සර (09) දරුවායි.ඔහු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටියා.

එම දරුවාගේ පියා විසින් මවට එල්ල කරන ලද පිහි ප්‍රහාරය වැරදීමකින් දරුවාට වැදී තිබෙන බවට සැක කරන බව කොස්මෝදර පොලීසිය පවසනවා.

ප්‍රසන්න වික්‍රමගේ නැමැති සැකකාර පියා දකුණ කේන්ද්‍ර කරගත් දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන පර්පල් රේන්ජ් හී  සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔහු මොරවක පොලීසිය මගින් සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබුවා.

අවාසනාවන්ත ලෙස ජීවිතය බිලි දුන් කුඩා දරුවාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණා.

කොස්මෝදර පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

newsx-sri-lanka-1666970917_9311088

 newsx-sri-lanka-1666970918_9727084

WhatsApp
Telegram
Make a Comment
Make a Comment