රිජ්වේ ළමා රෝහලේ විදුලි බිල් හිඟය මිලියන 30යි. පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර ඉල්ලයි

October 28, 2022 - 10:02 PM

රිජ්වේ ළමා රෝහලේ විදුලි බිල් හිඟය මිලියන 30යි. පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර ඉල්ලයි | දේශීය පුවත්

විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාදවීම හේතුවෙන් පසුගියදා(ඔක්.26) ලංකාවේ ප්‍රධානම ළමා රෝහල වන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොටසක විදුලිය විසන්ධි කිරීමක්  සිදුකර තිබෙනවා. 

මෙසේ විදුලිය විසන්ධි කර ඇත්තේ ළමා රෝහලේ ආපන ශාලාවේ සහ ආරක්ෂක සේවා අංශවල බව එම රෝහල් අධ්‍යක්ෂ ජී.වීරසූරිය මහතා මාධ්‍ය හමුවකදී පවසා සිටියා. 

මේ වනවිට විදුලිබිල්  හිඟ මුදල රුපියල්  මිලියන 30ක් පමන වන අතර  ඊට අදාළ ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව විදුලි සම්බන්ධතාව යළි යථා තත්ත්වයට පත්කර ඇති බවත් එම තත්ත්වය නැවත ඇතිවුවහොත් රෝහල් ජෙනරේටර් ඒ සඳහා සුදානම් නමුත් අධික ඉන්දන පිරිවැය හේතුවෙන් දීර්ඝ කාලයක් එලෙස සිදුකිරීමට නොහැකිවන බවත් මේ හිඟ මුදල් පියවීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව වීරසූරිය මහතා පවසනවා.

රෝහලේ දෛනික සත්කාරක සේවා සඳහා මාසිකව ඉහල පිරිවැයක් කිරීමට සිදුවන බැවින් රෝහලේ කටයුතු පවත්වාගෙන යාම සඳහා විවේචනයකින් තොරව දේශීය හෝ විදේශීය පරිත්‍යාගශීලීන්ගේ උපකාර බලාපොරොත්තුවන බව වීරසූරිය මහතා වැඩිදුරටත් පවසනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment