මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ඇතිව තිබෙන අයහපත් කාලගුණය තත්ත්වය නිසා මෙවර ICC T-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟ කිහිපයකට බාධා එල්ල වුනා. සමහර තරඟ වල තීරණ D/L ක්‍රමයට ලැබුන අතර තවත් තරඟ අත්හැර දැමීමට සිදුවුනා.
එවන් පසුබිමක එංගලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු මෙන්ම වත්මන් විස්තර විචාරකයකු ලෙස කටයුතු කරන මයිකල් වෝන් ට්විටර් නිවේදනයක් මගින් ඒ පිළිබඳව අදහස් පළකර තිබෙනවා.
"මහා ගිගුරුම් සහිත වර්ෂා ඇති වන ශ්‍රී ලංකාවේ ඔවුන් මුළු පිටියම ආවරණය කර නැවත ඉක්මනින් ක්‍රීඩා කිරීමට කටයුතු සලසන අයුරින් පසුගිය දින 2 තුළ මෙල්බන් ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට නොහැකි වුනේ මන්ද? නිකමට අහන්නේ" (just asking) යනුවෙන්
ඔහුගේ ට්විටර් නිවේදනය මගින් අසා තිබෙනවා.
කෙසේ නමුත් ලොව ඉතාමත් වේගයෙන්ම සහ කාර්යක්ෂම ලෙස ක්‍රීඩා පිටි ආවරණය කිරීම අතින් ශ්‍රී ලංකාව ලොව පුරා සිටින ක්‍රිකට් විස්තර විචාරකයින් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේද නොමද පැසසුමට ලක්ව තිබෙන බව නොරහසකි.
මයිකල් වොන්ගේ එම ට්විටර් නිවේදනය පහතින්