ශ්‍රි ලංකා - නවසීලන්ත T20 ගැටුම අද - #T20WorldCup

October 29, 2022 - 8:40 AM

ශ්‍රි ලංකා - නවසීලන්ත T20 ගැටුම අද - #T20WorldCup | ක්‍රීඩා පුවත්

T20 ලෝක කුසලාන තරඟාවලියේ අද දිනයට අදාලව පැවැත්වෙන එකම තරඟය ලෙස පළමු කාණ්ඩයෙන් තරඟවදින ශ්‍රි ලංකාවත් නවසීලන්තයත්  එකිනෙකා මුනගැසෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සිඩ්නි ක්‍රීඩාංගණයේ දී තරගය අරම්භවීමට නියමිතයි. 

ආබාධ තත්ත්වයන් හේතුවෙන් ක්‍රිඩකයන් කිහිපදෙනෙකුම මේ වන විට විවේක ගන්වා ඇති ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් බොහෝවිට අද දිනයේදී අසිත ප්‍රනාන්දු වේග පන්දුයවන්නෙකු ලෙස ක්‍රිඩාකිරීමට නියමිතයි.ඒ හැරුණු කොට ඕස්ට්‍රේලියාව සමඟ ක්‍රිඩා කළ අනෙකුත් ක්‍රිඩකයින් අද 11 දෙනා අතර සිටිනු ඇති.

මෙවර තරඟාවලියේදී වර්ෂාව හේතුවෙන් තරඟ 5කට මේ වන විට බලපෑම් ඇති වී තිබෙනවා. එවන පසුබිමක් තුල අද දිනය සිඩ්නි ක්‍රිඩාංගනය අවට ප්‍රදේශය කාලගුණ අනාවැකි අනුව යහපත් තත්ත්වයක පවතිනවා.
 
newsx-sri-lanka-1667012648_6529976

 
මේ වනවිට නවසීලන්ත කණ්ඩායම පළමු කාණ්ඩයෙන් පෙරමුණට පැමිණ ඇති අතර , ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි. 

newsx-sri-lanka-1667012814_3265327

WhatsApp
Telegram
Make a Comment
Make a Comment