රට තුළ ප්‍රමාණවත් වී තොග පවතින බවට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනයක්

October 29, 2022 - 11:42 AM

රට තුළ ප්‍රමාණවත් වී තොග පවතින බවට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනයක් | දේශීය පුවත්

වී අලෙවි මණ්ඩලය සතුව වී මෙට්‍රික්ටොන් 7070 ක සංචිතයක් පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

රට තුළ ප්‍රමාණවත් වී තොග පවතින බැවින් ඉදිරියේදී සහල් හිඟයක් ඇති වීම සම්බන්ධයෙන් අවදානමක් නොමැති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

වෙළෙඳපොළ තුළ සහල් මිලෙහි අඩු වැඩිවීම සලකා බලමින් අසීමිත ලෙස සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් වී අලෙවි මණ්ඩලය සතු සංචිත, සහල් බවට පත් කරන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෙසේවෙතත් මේ වන විට වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බවත් සහල් ආනයනය සහ ආධාර ලෙස වෙනත් රටවලින් සහල් තොග ලැබීම ඊට හේතු වී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල ද සහල් තොග පවතින අතර මියන්මාරයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු  සහල් මෙට්‍රික්ටොන් 1,000 ක් ද ඒ අතර වේ.

මීට අමතරව ලෝක ආහාර වැඩසටහන යටතේ ලැබුණු මෙට්‍රික්ටොන් 5,000ත් 10,000  ත් අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ද ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල පවතින බව වාර්තා වේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment