දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 8 ක් වන පමණ බදු ආදායම ලබන වසරේ සියයට 11ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.
ඒ ඊයේ (28) කොළඹ පැවති ශ්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම අමතමින්.
මේ අතර පසුගිය මාස කිහිපය තුළ මත් පැන් සඳහා ඉල්ලුම සියයට 40කින් පමණ අඩු වී ඇති බවයි ඊට එක්වෙමින් අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් ඒම්.ජේ. ගුණසිරි සඳහන් කළේ.