ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අවුරන්ගාබාද් දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් විශාල ගින්නක් හටගෙන තිබේ.
එම ගින්නෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, පුද්ගලයින් 10 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අද අලුයම 2:30ට පමණ නිවසක් තුළ පූජා සඳහා ආහාර පිසීමේදී මෙම ගින්න හටගෙන ඇති බව සඳහන් වේ.
ගින්න නිවීමේදී පොලිස් නිලධාරීන් හත් දෙනෙකු ද පිළිස්සුම් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ය.