සංවිධාන්තම අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'ගනේමුල්ල සංජීව' නැමැත්තා සමග සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයෙකු ඊයේ (ඔක්. 28) ගම්පහ පොලිස් වසමේ බටපොත කන්ද ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙකි.
පොලිස් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200ක් ද හමුවී තිබේ.
සැකකරු ගනේමුල්ල සංජීව සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිදු කරන්නට ඇති අපරාධ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.