කාසියේ වාසිය නවසීලන්තයට - #T20WorldCup - Sri Lanka vs New Zealand #NZvSL

October 29, 2022 - 1:07 PM

කාසියේ වාසිය නවසීලන්තයට - #T20WorldCup - Sri Lanka vs New Zealand #NZvSL | ක්‍රීඩා පුවත්

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ වන විට නවසීලන්ත කණ්ඩායම පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 3කට හිමිකම් කියමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 2කට හිමිකම් කියමින් ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර ඔස්ට්‍රේලියා තරගය අතර තුර ආබාධයකට ලක් වූ බිනුර ප්‍රනාන්දු වෙනුවට අද තරගයට සහභාගී වන ක්‍රීඩකයා තවම කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස්
මහතා ප්‍රවෘත්ති සාකච්චාවකට සහභාගී වෙමින් පවසා සිටියා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග වලට ඊයේ දිනයේදී වර්ෂාව හරස් වුවත් සිඩ්නි ක්‍රීඩාංගණය අවට කාලගුණය අද දිනයේ යහපත් තත්ත්වයක පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

ශ්‍රී ලංකා - නවසීලන්ත අතර තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment