පන්දුවාර විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතරතුර දී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට සිදුකළ සැත්කම සාර්ථක බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර් අර්ජුන ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා.
ඔස්ට්‍රෙලියාවේ රෝහලක දී මෙම සැත්කම සිදුකර තිබුණේ ඔහුගේ පාදයේ හටගත් ආබාධයක් හේතුවෙන්.
මේ අතර පන්දු වාර විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් තරඟයක් අද පැවැත්වෙනවා.
ඒ නවසීලන්තය කණ්ඩායම සමඟයි.
මෙරට වේලාවෙන් අද පස්වරු 1යි 30ට තරඟය ආරම්භ වීමට නියමිතයි.