සරණාගත පවුල් 7000කට ගැටලු විසදීමට ජංගම සේවාවක්

October 29, 2022 - 2:07 PM

සරණාගත පවුල් 7000කට ගැටලු විසදීමට ජංගම සේවාවක් | දේශීය පුවත්

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සරණාගත පවුල් 7000කට අයත් පුද්ගලයින් 12,500ක් උතුරු පළාතේ පදිංචිව සිටින අතර, ඔවුන් වෙනුවෙන් විශේෂ ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින්.

ඒ අනුව, මෙම පිරිසට මෙරට පුරවැසිභාවය ලබාගැනීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා අදාළ ජංගම සේවාව අනිද්දා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා.

එසේම නොවැම්බර් මස 1 වනදා ද කිලිනොච්චිය නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානයේදී ඔවුන් වෙනුවෙන් ජංගම සේවාවක් ක්‍රියාත්මකයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment