ත්‍රිකුණාමල මුහුද ආශ්‍රිතව මත්ස්‍ය වගා ව්‍යාපෘතියකට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය

October 29, 2022 - 2:11 PM

ත්‍රිකුණාමල මුහුද ආශ්‍රිතව මත්ස්‍ය වගා ව්‍යාපෘතියකට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය | දේශීය පුවත්  | ව්‍යාපාරික පුවත්

ත්‍රිකුණාමලය මුහුද ආශ්‍රිතව මසුන් ඇති කර විදේශ රටවලට අපනයන කිරීමේ ව්‍යාපෘතියකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 7 යි දශම 5 ක මුදලක් ආයෝජනය කර ඇති බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

මෙම ව්‍යාපෘතිය තුලින් ඍජු රැකියා අවස්ථා 100 ක් හිමිවන අතර ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයෝජක පහසුකම් මධ්‍යස්ථානයේ මුල්ම ව්‍යාපෘතිය ද මෙයයි.

නව ව්‍යාපෘතිය යටතේ වසරකට අපනයන කිරීමට අපේක්ෂා කරන මත්ස්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 1900 ක්.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment