T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 54 ක් ලබා සිටිනවා.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.