දෙවන එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි

September 09, 2022 - 12:01 AM

දෙවන එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වෙයි | විදේශීය පුවත්

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ වැඩිම කලක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරනවා.

බ්‍රිතාන්‍ය මහ රැජිණ අභාවප්‍රාප්ත වන විට පසුවූයේ 96 හැවිරිදි වියේයි.

වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ හිස දරාගත් ඇය වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කලා.

දෙවන එළිසබෙත් මහ රැජිණ බ්‍රිතාන්‍යයේ කිරුළ හිස දරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුවිසල් සමාජ විපර්යාසයන් රැසක් සිදු කෙරෙමින් පැවති 1952 වසරේදීයි.

වයෝවෘද්ධ මහා රාජිණිය පසුගිය බ්‍රහස්පතින්දා සිට තරමක රෝගී තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් රජ මාලිගයේ රාජකීය වෛද්‍යවරුන් ඇයව ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාලිගය වෙත රැගෙන ගියා.

වෛද්‍යවරුන්ගේ සමීප නිරීක්ෂණය මත එහි රැඳී සිටී බ්‍රිතාන්‍ය මහා රාජිණියගේ රෝගි තත්ත්වය අද උදෑසන උත්සන්න වූ බවයි බී. බී. සී. ලෝක සේවයේ වාර්තාවක සඳහන් වන්නේ.

දෙවන එළිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වන අවස්ථාවේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ රාජකීය පවුලේ සමීපතමයින් රැසක් බැල්මෝර් මාලිගයේ රැස්ව සිටියා.

බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මහා රාජිණිය ශාන්ත සුවයෙන් අවසන් ගමන ගිය බවයි.

අභාවප්‍රාප්ත වූ එළිසබෙත් රැජිණගේ දේහය හෙට ලන්ඩනයට රැගෙන එන බවයි වාර්තා වන්නේ.

රෝගී වූ රැජිණ බැල්මොරාල් මාලිගයට රැගෙන ගිය පසු ඇයගේ අවසන් අවස්ථාවේදී මහ රැජිණගේ දරුවන් සියලුදෙනා එතැන සිටි බවත් එමෙන්ම මුණුපුරා වන විලියම් කුමරු ද එම අවස්ථාවට එක්ව සිටි බවත් වාර්තා වනවා.

1926 අප්‍රේල් මස 21 වන දින ලන්ඩනයේ නේෆියා හිදී උපත ලද එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් ආර්යාව කිරුළ දරා සිටි කාලය පුරා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරුන් 15 දෙනෙකු සේවය කර තිබෙනවා.

ඇය රජ කිරුළ හිස දැරූ අවුරුද්දේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ලෝක ප්‍රකට අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම දෙවැනි ලෝක යුද්ධයේ විරුවෙකු ලෙස සැලකෙන ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්.

එමෙන්ම ඇයගේ කිරුළු සීමාව තුල අවසන් වරට අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ මීට සතියකට පෙර මහ රාජිණිය වෙතින් පත්වීමේ ලිපිය ලබාගත් බ්‍රිතාන්‍යයේ තෙවැනි කාන්තා අග්‍රාමාත්‍යවරිය වන ලිස්ට්‍රස්.

මේවන විටත් මහ රැජිණගේ අභාවය සැලවීමත් සමග බකිංහැම් මාලිගය ඉදිරිපිට බ්‍රිතාන්‍ය වැසියන් විශාල වශයෙන් එක්රොක් වන බවයි වාර්තා වන්නේ. මහ රැජිණකට හිමි ගෞරවය කිරුළකට හිමි අභිමානය අනලස්ව රැකගත් 21 වැනි සියවසේ මහා රාජිණියනි ඔබට සුබ ගමන්.

314913_1

WhatsApp
Telegram
Make a Comment
Make a Comment