ග්ලෙන් පිලිප්ස්ගේ සුපිරි ඉනිමත් සමග නවසීලන්ත කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 168 ක ඉලක්කයක් - #T20WorldCup #NZvSL

October 29, 2022 - 3:15 PM

ග්ලෙන් පිලිප්ස්ගේ  සුපිරි  ඉනිමත් සමග නවසීලන්ත  කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ලකුණු  168 ක ඉලක්කයක් - #T20WorldCup #NZvSL | ක්‍රීඩා පුවත්

20/20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු කාණ්ඩයේ කණ්ඩායම් අතරින් අද (29) ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර තරඟයේ කාසියේ වාසි⁣ය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරා.ඒ අනුව නවසීලන්ත කණ්ඩායම තම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 07 ක් දැවී ලකුණු 167ක් ලබාගත්තා.

එහිදී නවසීලන්ත⁣ ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ග්ලෙන් පිලිප්ස් පන්දු 64ක් තුල ලකුණු 104ක් ලබාගත්තා. 

 ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත තම නියමිත පන්දුවාර 04 තුළ ලකුණු 23ක් පමණක් ලබාදෙමින් කඩුලු 02ක් ලබාගත් අතර වනිඳු හසරංග , මහීෂ් තීක්ෂන,  සහ දනන්ජය ද සිල්වා කඩුලු 01 බැගින් ලබාගත්තා.

ඒ අනුව තරඟයෙන් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 168ක් ලබාගත යුතුවනවා ඒ සඳහ ඔවුන් පන්දු ඕවරයකට 8.40 ක සාමාන්‍යක් රඳවා ගත යුතුවනවා.

newsx-sri-lanka-1667037152_3164887

WhatsApp
Telegram
Make a Comment
Make a Comment