කුරුවිට ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී මුදල් රුපියල් දස දහසක් කොල්ලකා පළාගිය සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ 28 උදෑසන කුරුවිට ගලහිටිය ප්‍රදේශයේදී නිවසකට අයුතු ලෙස ඇතුලු වී ගිනි අවියක් හා කඩුවක් පෙන්වා බිය ගන්වා මුදල් කොල්ලකා ගොස් ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.
කුරුවිට පොලිසියට ලැබුණු තොරතුරු මත මෙම අපරාධය සිදු කර මෝටර් රථයකින් පළා යමින් සිටි සැකකරුවන් හතර දෙනෙකු ගලහිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කර තිබෙනවා.
ඔවුන් සතුව තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් කඩුවක් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා කොල්ලකන ලද මුදලින් රුපියල් 8000ක් ද සොයාගෙන තිබෙනවා.
අවුරුදු 30 31 සහ 40 වයස්වල පසුවන සැකකරුවන් රත්නපුර කුරුවිට හා පරකඩුව ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.