T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සිඩ්නි ක්‍රිකට් පිටියේදී අද (29) පැවැති තරඟය පහසුවෙන් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුනා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 65 කින් පරාජයට පත්කරමින්.
තරඟයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 07 ක් දැවී ලකුණු 167ක් රැස්කර ගත්තා. එහිදී සුපිරි ශතකයක් වාර්තාකරමින් ග්ලෙන් පිලිප්ස් ලකුණු 104ක් ලබාගත්තා.
පන්දු යැවීමේදි කසුන් රාජිත පන්දුවාර 04 තුළ ලකුණු 22ක් පමණක් ලබාදෙමින් කඩුලු 02ක් ලබාගත්තා.
තරගය ජයගැනීම සඳහා ලකුණු 168ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට තම නියමිත පන්දුවාර 20 තුළ සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 102ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ යම් තරමක හෝ සාර්ථකත්වයක් ලබාගත හැකි වූයේ හානුක රාජපක්ෂට 34(22) සහ නායක දසුන් ශානකට 35(32) පමණි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ ට්රෙන්ට් බොල්ට් තම පන්දුවාර 04 තුළ ලකුණු 15 කට කඩුලු 04ක් ලබාගත්තා. තරඟයේ වීරයා ලෙස ශතකයක් ලබාගත් ග්ලෙන් පිලිප්ස් තෝරාගනු ලැබුවා.
ඒ අනුව නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 05ක් ලබාගෙන පළමු කාණ්ඩයේ කණ්ඩායම් අතරින් ඉදිරියේ පසුවෙනවා.