ලංකාවට ඩොලර් ගේන්න ලක්ෂ දෙකක් රටෙන් පිටට...

September 09, 2022 - 12:38 PM

ලංකාවට ඩොලර් ගේන්න ලක්ෂ දෙකක් රටෙන් පිටට... | දේශීය පුවත්

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 208,772 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා පවසයි.

ඒ අතරින් වැඩි පිරිස පිරිමි පුද්ගලයින් වන අතර එම සංඛ්‍යාව එක්ලක්ෂ විසිහය දහසකට අධික ය.

මේ අතර වසරේ මේ දක්වා ශ්‍රී ලංකිකයින් 2858 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

මේ මාසය තුළ ශ්‍රමිකයින් 480 දෙනෙකු පිටත්ව ගොස් ඇති බවත් ලබන තවත් 130 දෙනකු කොරියානු රැකියා සඳහා පිටත්ව යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment