හැලෝවීන් උත්සවයක් අතරතුර 149ක් මරුට

October 29, 2022 - 11:59 PM

හැලෝවීන් උත්සවයක් අතරතුර 149ක් මරුට | විදේශීය පුවත්

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් උත්සවයක් අතරතුර  පුද්ගලයින් 149 දෙනෙකු මිය ගොස් තවත් 150 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීන් පවසනවා.

ඔක්තොම්බර් 31වනදාට යෙදී තිබෙන ජාත්‍යන්තර හැලෝවීන් දිනය නිමිති කර දකුණු කොරියාවේ සෝල් හි කැපී පෙනෙන උත්සව ස්ථානයක් වන හැමිල්ටන් හෝටලය අසල  පටු මංතීරුවක මෙම සිදුවීම වී ඇති අතර රැස්ව සිටි විශාල ජනකායක් ඉදිරියට යාමට පටන් ගැනීමත් සමග ඇතිවූ විශාල තෙරපීමත් සමග පිරිස මෙසේ මරණයට පත්වන්නට ඇතිබවත් තවත් විශාල පිරිසක් හෘදයාබාධ හේතුවෙන් රෝහල් ගතකර  ඇතිබවත් ආරංචි මාර්ග පවසනවා.

මෙය කොවිඩ් වසංගතයෙන් පසු මුහුණු ආවරණ රහිත පළමු එළිමහන් හැලෝවීන් උත්සවය ලෙස සැළකෙන අතර ලක්ෂ ගනන් ජනයා මීට සහභාගි වී ඇති බවටත් වාර්තා වනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment