හැලොවීන් උත්සවයේ මියගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකුත්, දකුණු කොරියාවට ශෝක කාලයකුත් ප්‍රකාශ කෙරේ

October 30, 2022 - 9:49 AM

හැලොවීන් උත්සවයේ මියගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකුත්, දකුණු කොරියාවට ශෝක කාලයකුත් ප්‍රකාශ  කෙරේ | විදේශීය පුවත්

ඊයේ(29) දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් හැලෝවීන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් මියගිය පුද්ගලයින් ගනන151 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී තවත් පුද්ගලයින් 82 දෙනෙකු පමණ  තුවාල ලබා ඇති බවයි.

මෙම උත්සවය සඳහා විශාල වශයෙන් යොවුන් වියේ පසුවූ අය සහභාගිවී සිට ඇති අතර ඔවුන් අතරින් බොහොමයක් 20 හැවිරිදි වියේ පසුවූ අය බවයි වාර්තා වන්නේ.

  මියගිය අය අතර විදේශීය ජාතිකයන් 19 දෙනෙකු ද වන අතර එක් ශ්‍රී ලාංකිකයකුද ඊට අයත්වන බව ප්‍රකාශ වනවා. ඔහු නුවර දිස්ත්‍රික්කයේ 27 හැවිරිදි අයකු බවද වාර්තා වනවා. විපතට පත්වූ අනෙක් විදේශිකයන්  අතර ඉරානය, නෝර්වේ, චීනය සහ උස්බෙකිස්තානය යන රටවලින් පැමිණි අයද වෙති.

මෙම මරණ වලට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැති නමුත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසන්නේ නගරයේ පටු වීදිවල උත්සවය සැමරූ පිරිසෙන් බොහෝ අයට  එහා මෙහා යාමට අපහසුවී තදබල තෙරපීමකට  ලක්වූ බවයි.

එරට ජනාධිපති යූන් සුක් යෙයෝල් දකුණු කොරියාවට ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම ශෝක කාලය මෙම තත්ත්වය පාලනය කෙරෙන තුරු ක්‍රියාත්මක බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment