ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ මොර්බි නගරයේ Macchu ගංගාව මතට එල්ලෙන මගී පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 91 දෙනෙකු මියගොස් තිබෙන අතර තවත් සිය ගණනක් දියේ ගිලී අතුරුදන් වී ඇතිබව වාර්තාවනවා
එම අවස්ථාවේ පුද්ගලයන් 400ක් පමණ පාලමේ සිට ඇති බව වාර්තා වන අතර ගලවා ගැනීමේ මෙහෙයුම් රාත්‍රිය පුරාම ක්‍රියාත්මක බව බලධාරීහු පවසනවා.
ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා අසල්වැසි දිස්ත්‍රික්කවලින් හදිසි ප්‍රතිචාර දක්වන්නන් එම ස්ථානයට යවා තිබෙනවා.
පාලම අලුත්වැඩියා කිරීමෙන් පසු නැවත විවෘත කර දින කිහිපයකට පසු මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබෙනවා.
ජනප්‍රිය සංචාරක ආකර්ශනයක් සහිත මෙම පාලම මීටර් 230 ක දිගකින් යුතුවන අතර 19 වන සියවසේ ඉන්දියාව බ්‍රිතාන්‍ය විසින් පාලනය කළ සමයේදී ඉදිකරන ලද්දකි.
දිවාලි උත්සවයේ නිවාඩු දින නිසා පාලම ජනාකීර්ණ වූ බව බලධාරීන් පවසනවා
තෙදින සංචාරයක් සඳහා සිය උපන් ප්‍රාන්තය වන ගුජරාටයට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ මෙම ඛේදවාචකය පිළිබඳව තමන් දැඩි ශෝකයට පත්වන බවයි.
තවද මෝදි මහතා තුවාල ලැබූවන්ට මෙන්ම මියගිය අය වෙනුවෙන් වන්දි ප්‍රකාශ කර තිබෙනවා.