හිටපු ජනාධිපති ලුයි ඉනාසියෝ ලූලා ද සිල්වා පසුගිය ඉරිදා පැවති බ්‍රසීල මැතිවරණයේ දැඩි තරඟකාරී දෙවැනි වටයේදී ඔහුගේ දක්ෂිනාංශික ප්‍රතිවාදියා වන ජෙයර් බොල්සොනාරෝට එරෙහිව ජයග්‍රහණය ලබා ඇත.
දිස්ත්‍රික්කවලින් 99.5% කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ අවසාන ප්‍රතිඵල වාර්තා කිරීමත් සමග රටේ මැතිවරණ අධිකාරියට අනුව ලූලාගේ ජයග්‍රහණය තහවුරු වී තිබේ.
මූලික ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ බොල්සොනාරෝ ඉදිරියෙන් සිටින ආකාරයක් වූවත් ලුලා ද සිල්වාගේ ඡන්ද බලකොටුවලින් වැඩි ඡන්ද ප්‍රමාණයක් වාර්තා කිරීමත් සමග වත්මන් ජනාධිපති බොල්සොනාරෝ පසුබැස ගියේය.
2003 සිට 2010 දක්වා ජනාධිපති ලෙස කටයුතු කළ ලූලා ද සිල්වා පළමු වටයේදී 48%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, එය පළමු වටයේ ක්ෂණික ජයග්‍රහණයක් ලබා ගැනීමට ප්‍රමාණවත් නොවීය.
බ්‍රසීලයේ විද්‍යුත් ඡන්ද ක්‍රමයේ විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් කුඩා පරතරයකින් පරාජය වුවහොත් ප්‍රතිඵලවලට අභියෝග කරන බවට වත්මන් ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ සිය ඡන්ද ව්‍යාපාරය අතරතුර නැවත නැවතත් අනතුරු ඇඟවීය.
කෙසේ වෙතත් අවසන් ප්‍රතිඵලයට අනුව ලූලා ද සිල්වා විසින් 50.90% ක ඡන්ද ප්‍රත්ශතයක් හිමිකරගත් අතර ප්‍රතිවාදී බොල්සොනාරෝ හිමිකරගත්තේ 49.10%ක් පමණයි. ඒ අනුව බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස ලුයි ඉනාසියෝ ලූලා ද සිල්වා දෙවැනිවරටත් තේරී පත්වේ.